පකිස්තානයේ දී කාන්තාවන් සිව්දෙනෙකුට නිරුවත් කර පහරදෙයි.

0
677

පකිස්තානයේ ෆයිසලාබාද් ප්‍රදේශයේදී කාන්තාවන් සිව්දෙනෙකු නිරුවත් කර පහරදීමේ සිදුවීමක් වාර්තා වේ.

වෙළෙද සැලකින් භාණ්ඩ සොරාගත් බවට චෝදනා කරමින් මෙම කාන්තාවන් සිව්දෙනා පෙළ ගස්වා, නිරුවත් කර පහරදීමට කළහකාරී පිරිසක් කටයුතු කොට තිබේ.

මේ සිදුවීම කිසියම් පුද්ගලයෙකු විසින් ජංගම දුරකතනයකින් වී‍ඩියෝ ගතකර සමාජ ජාලාවලට මුදාහැර ඇති අතර එය මේ වන විට පකිස්තානය තුළ මහත් ආන්දෝලනයක් ඇති කර ඇත.

මෙවැනි කෲර සහ මැර ක්‍රියාකාරකම් හේතුවෙන් පකිස්තානයේ ප්‍රතිරූපය අන්තර්ජාතික ප්‍රජාව තුළ බලවත් පිරිහීමකට ලක්වෙමින් ඇති බව එරට විද්වත්හු ගණනාවක් පෙන්වා දෙති.

මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවකු වන ප්‍රියන්ත කුමාර පකිස්තානයේ සියල්කෝට්හි දී අමානුෂික ලෙස ඝාතනයට ලක්කර සතියකටත් අඩු කාලයකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here