Sunday, May 19, 2024

ඇමරිකාවෙන් චීන භාණ්ඩ තහනමට නව නීතියක්.

චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට අදාළ නව නීතියක් ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය මගින් සම්මත කර තිබේ.

මේ යටතේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තය තුළ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් නිෂ්පාදනය කරන සියලු භාණ්ඩ ඇමරිකාවට ආනයනය කිරීම තහනම් කෙරෙනු ඇති.

මෙම ප්‍රාන්තයේ ජීවත්වන උයිගුර් සුලු ජනවර්ගයට අයත් ජනතාවගේ බලහත්කාරී ශ්‍රමය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන බවට දිගු කලක සිට චීනයට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව ඇමරිකාව විසින් මෙම නව නීතිය හදුන්වා දී ඇති අතර ඉදිරියේදී එය අනුමැතිය සදහා සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles