Saturday, April 20, 2024

පකිස්ථාන කාන්තාවන්ගෙන් සියයට 40ක් අපයෝජනයට ලක්වෙනවා

පකිස්ථානයේ, කාන්තාවන්ගෙන් සියයට 40ක් තම ජීවිත කාලය තුළ ශාරීරික හිංසනයට හෝ චිත්තවේගීය අපයෝජනයට ලක්වන බව නවතම අධ්‍යයනයක් හෙළි කරයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ආවේණික දෙයක් ලෙස එරට මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් හඳුන්වා දී ඇති බව පාකිස්තානය පදනම් කරගත් ද නිවුස් ඉන්ටර්නැෂනල් පුවත්පත වාර්තා කරයි.

ද නිව්ස් ඉන්ටර්නැෂනල් වාර්තාවට අනුව, පීතෘමූලික මානසිකත්වය, ක්ෂය වන ආර්ථික තත්ත්වය, ආගමික අන්තවාදය, වැඩිවන ජනගහනය, වෙනස් කොට සැලකීමේ සම්ප්‍රදායන් සහ දේශගුණික අර්බුදයේ බලපෑම, මේ සියල්ල පාකිස්තාන සමාජය තුළ ගෘහස්ථ හිංසනය සඳහා පරිපූර්ණ පරිසරයක් සපයයි.

විවාහක කාන්තාවන්ට වඩා පාකිස්තානයේ දික්කසාද වූ, වැන්දඹු වූ සහ වෙන් වූ කාන්තාවන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත.

ප්‍රචණ්ඩත්වය විවාහ සබඳතාවලට පමණක් සීමා නොවේ. පකිස්තානයේ අවසන් ජන විකාශන සහ සෞඛ්‍ය සමීක්ෂණ (DHS) අනුව, කිසිදා විවාහ නොවූ, වයස අවුරුදු 15-49 අතර කාන්තාවන්ගෙන් සියයට 39ක් යම් කාලයකදී සමීප සහකරුගේ ප්‍රචණ්ඩත්වයට (IPV) ලක්ව තිබේ.

2021 දී පකිස්ථානයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයන් 14,189 ක් වාර්තාවී ඇත. මානව හිමිකම් පිළිබඳ ජාතික කොමිසම (NCHR) පසුගියදා ගුජ්රන්වල ප්‍රදේශයේ අට හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳව අවධානය යොමු කළේය. පවුලේ අය විසින් සිදුකළ වධ හිංසාවලට ලක් වූ ඇය එහිදී තුවාල හේතුවෙන් මිය ගොස් ඇත.

NCHR පන්ජාබ් කාර්යාලයට වාර්තා වූ තවත් නඩුවකදී, ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පසු නැන්දම්මා සමඟ ජීවත් වූ මවකට සහ දියණියකට ලිංගික හිරිහැර කළ බව වාර්තා වන අතර ඔවුන් පොලිසියට පැමිණිලි කළ විට ඔවුන් දෙදෙනාටම ඔවුන්ගේ නැන්දම්මා විසින් දරුණු ලෙස පහර දී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles