ඇෆ්ගනිස්තානයට ඉන්දියාවෙන් තවත් තිරිඟු තොගයක්

0
274

ඇෆ්ගනිස්ථානයේ මානුෂීය අර්බුදයක් මධ්‍යයේ ඉන්දීය රජය තවත් තිරිඟු මෙට්‍රික් ටොන් 20,000ක් ඇෆ්ගනිස්ථානයට යවන බව Khaama Press වාර්තා කරයි.
ඉරානයේ චබහාර් වරාය ඔස්සේ මෙම තිරිඟු තොගය යවනු ලබන්නේ බොහෝ ඇෆ්ගන් ජාතිකයන් දැනට අත්විඳින දරුණු ආහාර හිඟයට පිළියමක් වශයෙනි.
මෙම ව්‍යාපෘතිය ගොඩනැගී ඇත්තේ මීට පෙර තිරිඟු ආධාර ටොන් 40,000ක් පකිස්තානයේ ගොඩබිම් දේශසීමා හරහා බෙදා හැරීමේ සාර්ථකත්වය මතය.
මෙට්‍රික් ටොන් 2500 ක ප්‍රථම තොගය දැනටමත් ඉන්දියාවෙන් පිටත් කර ඇති අතර මේ සති අන්තයේ ඒවා ඇෆ්ගනිස්තානය වෙත ලැබෙනු ඇත.
ඉරානයේ චබහාර් වරාය කේන්ද්‍රීය සංක්‍රාන්ති ස්ථානයක් ලෙස ක්‍රියා කිරීමත් සමඟ මෙම මාර්ගය ගොඩබිම් දේශසීමාවෙන් ඇති වන දුෂ්කරතා මඟහරවා ගන්නවා පමණක් නොව කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කරයි.
Khaama Press වාර්තාවට අනුව, ආධාර බෙදා හැරීමේ ජාලයන් පුළුල් කිරීමෙන් ඇෆ්ගනිස්ථානයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව සිය කැපවීම පෙන්නුම් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here