අවම අයිතීන්වත් දෙන්නැයි ඉල්ලා ඇෆ්ගනිස්තාන කාන්තාවෝ යළිත් පාරට.

0
353

තමන්ට අවම මානව අයිතිවාසිකම්වත් ලබාදෙන්නැයි බලකරමින් ඇෆ්ගනිස්තානයේ කාන්තාවෝ පිරිසක් කාබුල් අගනුවරදී විරෝධතාවයක නිරත වූහ.

විදෙස් වාර්තා සදහන් කළේ, මේ වන විට ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට ආහාර ලබාගැනීම පවා දුෂ්කර වී ඇති බවයි.

ආහාර ලබාගැනීම සදහා තමන්ට වැඩ කිරීමේ අයිතිය ලබාදෙන ලෙස කාබුල් අගනුවර විරෝධතාවයට එක්ව සිටි කාන්තාවෝ අවධාරණය කළහ.

ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ තමන්ට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික ,සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් ද අහිමි කරනු ලැබ ඇති බවයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය ලබාගැනීමෙන් පසු කාන්තාවන්ට රුකියා කිරීමට, අධ්‍යාපනය ලැබීමට, නිදහසේ සැරිසැරීමට, ආදි වශ⁣යෙන් පැවති අයිතිවාසිකම් ගණනාවක් අහිමි කරනු ලැබ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here