Friday, May 17, 2024

රුසියා, ඉන්දියා චීන හමුවක් ලඟදීම.

චීනය සහ ඉන්දියාව සම්බන්ධ කරගෙන ත්‍රෙපාර්ශවික සමුළුවක් කැදවීමට රුසියාව සූදානම් වේ.

රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මේ සදහා මූලික වී ක්‍රියාකරමින් සිටින බව ඔහුගේ ප්‍රකාශකයෙකු වන යූරි යුස්හකෝව් පවසා තිබේ.

ජනාධිපති පුටින් පසුගියදා ඉන්දියවේ සංචාරයක නිරත වූ අතර ඉන්පසු ඔහු චීන ජනාධිපති ෂී ජින් පිං සමග මාර්ගගත සාකච්ඡාවකද නිරත විය.

රටවල් තුන අතර ආර්ථික ,ආරක්ෂක ඇතුළු අංශ ගණනාවක් යටතේ සහයෝගීතාවය නැංවීම මෙම සමුලුවේ අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙි හරහා ලෝකය තුළ නව සන්ධානයක් ගොඩනැංවීම රුසියානු ජනාධිපතිවරාගේ අරමුණ බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles