2022 දී ඉන්දියාවට ඩොලර් බිලියන 100 ක විදේශ ප්‍රේෂණ

0
320

ඉන්දියාවේ විදෙස්ගත ශ්‍රමිකයන් මේ වසරේ වාර්තාගත ලෙස ඩොලර් මිලියන 100 ක පමණ විදේශ ප්‍රේෂණ එරටට එවා ඇති බව වාර්තා වේ.

ලෝකයේ ඉහළම විදේශීය ප්‍රේෂණ ලබන්නෙකු ලෙස සහ ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ඉන්දියාව මේ වසරේ විදෙස්ගත ශ්‍රමිකයන් හරහා මෙළෙස විශාල ආදායමක් ලබා ගෙන තිබේ.

පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකු වාර්තාවකට අනුව මේ වසරේ ඉන්දියාවට ප්‍රේෂණ ගලායාම 12% කින්, ඉහළ ගොස් ඇති අතර එය මෙක්සිකෝව, චීනය සහ පිලිපීනය ඇතුළු රටවලට වඩා වැඩි වර්ධනයක් බව සදහන් වේ.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ සිංගප්පූරුව වැනි ධනවත් රටවල ජීවත් වන ඉහළ නිපුණතා ඇති ඉන්දියානු සංක්‍රමණිකයන් විශාල විදේශ මුදල් ඉන්දියාව වෙත යවන බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

වසර ගණනාවක් පුරා, ඉන්දියානුවන් මැද පෙරදිග වැනි ස්ථානවල අඩු වැටුප් සහිත වැඩ කිරීමෙන් ඉවත් වී ඇති අතර වැටුප් වැඩිවීම්, වාර්තාගත ඉහළ රැකියා සහ රුපියල දුර්වල වීම ද මෙම වර්ධනයට දායක වී ඇති බව සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here