දෙස් විදෙස් අභියෝග මධ්‍යයේ තෙවන ධූර කාලයට සැරසෙන චීන ජනපති.

0
388
FILE PHOTO: China's President Xi Jinping gives a speech following a swearing-in ceremony to inaugurate the city's new leader and government in Hong Kong, China, July 1, 2022, Selim Chtayti/Pool via REUTERS/File Photo

චීනයේ ජනාධිපතිවරයා ලෙස සිය තුන්වන ධූර කාලය ආරක්ෂා කර ගැනීමට සැරසෙන සී ජින් පින් හමුවේ මේ වනවිට අභියෝග රැසක් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඊට හේතු වී ඇත්තේ සී ජින්පින් හට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විරෝධතා ගොඩ නැගෙමින් තිබීමයි.

සී ජින් පි ගේ දේශීය හා විදේශීය ප්‍රතිපත්ති සදහා දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර පාලක කොමියුනිස්ට් පක්ෂය තුළින් ද ජින් පින්ගේ මතවාදයන්ට ප්‍රතිවිරුද්ධ මතවාදයන් ගොඩනැගෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එවන් පසුබිමක් තුළ මෙම වසර අගදී රැස්වන චීන කොමියුනිස්ට් පක්ෂයේ සම්මේලනය සදහා ජානාධිපති ජින් පින් සහභාගී වන්නේ තවත් 5 වසරක් ධූර කාලයක් සදහා බලාපොරොත්තු ඇතිවයි.

2012 වසරේදී සී ජින්පින් චීනයේ බලයට පත්වන්නේ ජාතික පුනර්ජීවනය සදහා සිය චීන සිහිනය ගෙන හැර දක්වමින්.

එහෙත් සී ජින්පින්ගේ ධූර කාලයට වසර 12 ක් ගෙවී යද්දී චීන ආර්ථිකය පසුබෑමකට ලක්ව ඇත්තේ ඔහුට තවදුරටත් චීනයේ පාලන බලය ලබාදෙන්නේ ද සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය කරමින් බව ජාත්‍යන්තර විචාරකයන් පවසයි.

දේශීය වශයෙන් සී ජින්පින්ගේ කොරෝනා මර්ධන ප්‍රතිපත්තියට විවේචන රැසක් එල්ල වෙමින් පවතී.

එහි ප්‍රතිපලයක් ලෙස ජනජීවිතය කඩා වැටීමට ලක්ව ඇති අතර චීන ආර්ථිකය ශක්තිමත් කළ මහා පරිමාණ පෞද්ගලික ව්‍යාපාර කඩා වැටීමට ලක්ව ඇත්තේ චීන ආර්ථික වර්ධන වේගයට ද දැඩි බලපෑම් එල්ල කරමින්.

ඒ හමුවේ පාලක කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රභලයි පවසන්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති වහා සංශෝධනයට ලක් විය යුතු බවයි.

එමෙන්ම යුක්රේන අර්බුදය සදහා වක්‍ර ආකාරයෙන් එල්ල කරන බලපෑම් හේතුවෙන් ජාතයන්තර වශයෙන් සී ජින්පින් විවේචනයන්ට ලක්ව ඇත.

යුක්රේන යුද්ධය හමුවේ රුසියාව සමග ගිවිසුම් හා වෙලද ගනුදෙනුවලට එළබීමට හේතුවෙන් සී ජින්පින්ගේ විදේශ ප්‍රතිපත්තිය ද දෝෂ සහගත බව චීනයේ දේශපාලන ප්‍රභලයින් පවසා තිබේ.

එමෙන්ම ආර්ථික හා ආයෝජන ව්‍යාපෘති හරහා රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම හා කලාපීය අර්බුද ඇති කිරීම සම්බන්ධයෙන් චීනයට චෝදනා රැසක් එල්ල වී ඇත්තේද සී ජින්පින්ගේ පාලන තන්ත්‍රය තුළයි.

එබැවින් 03 වන ධූර කාලයක් සදහා පාලක කොමියුනිස්ට් පක්ශයේ විශ්වාසය දිනා ගැනීම චීන ජනාධිපතිවරයාට අභියෝගයක් වී ඇති බවයි ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here