Saturday, November 16, 2024

නියඟයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ 10 ඉක්මවයි

දිවයිනේ පළාත් රැසකට බළපා ඇති නියඟය නිසා පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 10 ඉක්මවා ඇති බව වාර්තාවේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවලට අනුව නියඟය නිසා බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක ගණන 18ක් වන අතර පීඩාවට පත්වූවන්ගේ මුළු සංඛ්‍යාව දස ලක්ෂ හතළිස් එක්දහස් හයසිය අනූ දෙනෙකි.

නියඟය නිසා සෘජු ලෙසම පීඩාවට පත්වූවන් මෙන්ම නියඟය නිසා ඇති වූ වනාන්තර ගිනිගැනීම්වලින් පීඩාවට පත්වූවන් ද මේ අතර වෙයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රදේශ කිහිපයකට ඊයේ සිට වැසි ලැබීමට පටන් ගෙන ඇති බවයි.

හෙට සිට මෙම වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කෙරුණු අතර පැවති නියඟය නිමා කරමින් බදුල්ලට ද ඊයේ සිට මහවැසි ඇදහැලෙමින් ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles