Tuesday, September 24, 2024

බුලත් ගණන් උස්සයි

කෑගල්ල හා රඹුක්කන අවට ප්‍රදේශවල මේ දිනවල බුලත් කොලයක මිල රුපියල් හතක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.
මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් වෙළදපොලට සැපයෙන බුලත් ප්‍රමාණය සීඝ්‍රයෙන් පහල බැසීමත් සමග මෙලෙස බුලත් මිල ඉහළ ගිය බව වෙළෙදුන් පවසති.
ගම්බද බුලත් වගාකරුවන්ගෙන් බුලත් කොලයක් රුපියල් හතරයි සත පනහකට මිළට ගන්නා අතර,තොග වශයෙන් අලෙවි කෙරෙන්නේ රුපියල් පහයි පනහකටය.
බුලත් විට සදහා සිල්ලරට අලෙවි කිරීමේදී බුලත් කොලයක් රුපියල් හතකට අලෙවි කෙරෙන අතර,නියගය තවදුරටත් පැවතුනහොත් බුලත් කොලයක මිල රුපියල් දහය දක්වා ඉහළ යා හැකි බවද ඔවුහු පෙන්වා දෙති.
මේ අතර බුලත් විටක මිල ද රුපියල් තිහ හා තිස් පහ දක්වා මේ දිනවල ඉහළ ගොස් තිබේ.
බුලත් මිල ඉහළ යාමත් සමග කලකට පසු  බුලත් වගාකරුවන්ගේ අතමිට සරුවී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles