Friday, March 29, 2024

ඉන්දීය උපාධි සඳහා අයැදුම් පත් යවන්න ඔබටත් අවස්ථාව…

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ස්වයං මූල්‍ය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරන 2023-24 අධ්‍යයන වර්ෂයේ අධ්‍යාපන පාඨමාලා සඳහා ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවයි.

සම්පුර්ණ කළ අයදුම්පත්‍ර සියලුම සෙසු ලියවිලි සමඟ ලබන ජූනි මස 16 වැනිදාට පෙර යොමුකළ යුතුය.

ඒ අනුව MBBS., BDS., B.E., B Tech, B. Pham, B Arch, තාක්‍ෂණ ඩිප්ලෝමා සහ පාමසි පාඨමාලාවේ උපාධි යන පාඨමාලා සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකියන්ගෙන් අයදුම්පත් කැඳවන බවත් එම පාඨමාලා සඳහා අයදුම් කිරීමට කැමති අපේක්ෂකයින් NEET. විභාගයේ සහ උසස් පෙළ සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන් සඳහා සියයට 50 බැගින් ප්‍රතිඵල තිබිය යුතු බවත් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි.

‘B Tech’ ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවේ අයදුම්කරුවන් සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ගණිතය සඳහා අවම වශයෙන් සියයට 60 බැගින් සහ උසස් පෙළ සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් සියයට 50 ක් ප්‍රතිඵල අවශ්‍ය බවත් ‘B. Pham ’ ඩිප්ලෝමාව සඳහා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සියටය 60 බැගින් ද, උසස් පෙළ ඉංග්‍රීසි භාෂාවෙන් සියයට 50 ක් ප්‍රතිඵල අවශ්‍ය බවත් එම කාර්යාලය කියයි.

‘B.Arch’ අපේක්ෂකයින් නව දිල්ලියේ වාස්තු විද්‍යා කවුන්සිලය නියම කරන යෝග්‍යතා පරීක්ෂණය අනිවාර්යයෙන් සමත් විය යුතු බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කියයි.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට පස්වරු 2.00 සිට 4.00 අතර වැඩකරන දිනවල කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යාපන අංශයෙන් අයදුම්පත් ලබාගත හැකි බවත් ඒ සඳහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සහතික සහ උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතු බවත් එම කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles