Saturday, July 27, 2024

එන සතියේ නිවාඩුවේ කොස්සක් ඇත්තේ….

ජුනි මස 29 වැනි බ්‍රහස්පතින්දාට නියමිත හජ් උත්සවය රජයේ සහ බැංකු නිවාඩුවක් වන අතර එය වෙළෙඳ නිවාඩුවක් නොවේ. සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් පමණක් වන අතර එය රජයේ හෝ වෙළෙඳ නිවාඩු දිනයක් නොවේ. කෙසේ නමුත් සඳුදා දිනට නියමිත නිකිණි පොහොය නිමිත්තෙන් ජනතාව බ්‍රහස්පතින්දා දින සිට දීර්ඝ නිවාඩුවක් අත්විඳීමට බලාපොරොත්තුව සිටින බවක් පෙනීයයි.

ඒ ජුනි මස 30 වනදා රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණයෙන් අවසන් කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට ජූනි 30 වනදා බැංකු නිවාඩු දිනයක් බවට පත්කළ බවය.

“මේ බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම තුළින් කිසිම ආකාරයක බැංකුවල ගනුදෙනුවලට විශේෂයෙන් සාමාන්‍ය නිවාඩු දවසක සිදුකරන බැංකු ගනුදෙනු, ATM, ඔන්ලයින් බැංකු ගනුදෙනු, අන්තර්ජාලය හරහා කරන බැංකු ගනුදෙනුවලට කිසිම බාධාවක් නෑ. ඒ වගේම සාමාන්‍ය අපි දන්නවා සමහර බැංකු නිවාඩු දිනවලත් ක්‍රියාත්මක වෙනවා.  weekend banking කියලා තියෙනවා. ඒ කිසිම බැංකු ගනුදෙනුවකට මුදල් ලබාගැනීමට මේ තුළ කිසිම බාධාවක් නෑ. සාමාන්‍ය බැංකු කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ වගේ දීර්ඝ බැංකු නිවාඩු දිනයන්වල පවා ජනතාවට අවශ්‍ය කරන බැංකු කටයුතු කරගැනීමට සියලු පහසුකම් සලස්සනවා.”

ඒ අනුව රජය සහ මුදල් අමාත්‍යාංශය එක්ව මේ මස 30 වන දින බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles