Saturday, July 27, 2024

චීනයේ යළි කොවිඩ් රැල්ලක්

අප්‍රේල් මාසයේ සිට චීනය පුරා රෝහල්වල කොවිඩ්-19 බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව පස් ගුණයකටත් වඩා වැඩි වීමක් පෙන්නුම් කරමින් තිබේ.
එරට රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ දත්තවලට අනුව මැයි මස අවසන් වන විට පරික්ෂාවට ලක්වන පුද්ගලයින්ගෙන් සියයට 40ක් ආසාදිතයන් වේ.
රජයේ දත්ත වලට අනුව, 2022 අවසානයේ වසංගතයට ගොදුරු වූ විට දක්නට ලැබුණු උච්චතම අවස්ථාවට සාපේක්ෂව ඊට ආසන්න ආසාදිතයින් ප්‍රමාණයක් මැයි මාසයේදී වාර්තා වී ඇත.
කොවිඩ් -19 ආසාදනය වූවන් අතරින් මැයි මාසයේදී මරණ 164 ක් වාර්තා විය.
චීනයේ ඉහළම Covid-19 උපදේශකයෙකු වන Dr Zhong Nanshan අනාවැකි පළ කළේ, දෙවන රැල්ල ජුනි මස අවසානයේදී ඉහළ යනු ඇති බවත්, ඒ අනුව සතියකට රෝගීන් මිලියන 65කට වඩා වාර්තා වනු ඇති බවයි.
තවද, චීන බලධාරීන් ජූනි මාසයේදී උච්චතම අවස්ථාවට අපේක්ෂා කරන කොරෝනා වයිරසයේ පවතින නව රැල්ලට එරෙහිව සටන් කිරීමට නව එන්නත් සංවර්ධනය කරමින් සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles