Sunday, May 19, 2024

ගෝලීය ආර්ථික ප්‍රශ්න ගැන ඉන්දියාව සමග සමීපව වැඩ කිරීමට ඇමරිකාව සැරසෙයි

ගෝලීය ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් ජී 20 සභාපති ධුර කාලය තුළ එක්සත් ජනපදය ඉන්දියාව සමඟ සමීපව කටයුතු කරන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් කියා සිටියාය.
ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර “සමීප සහයෝගීතාවය” “දියුණු සහ නැගී එන ආර්ථිකයන්ට” දේශපාලන වෙනස්කම් සමනය කර හවුල් ප්‍රතිපත්ති අරමුණු මත ප්‍රගතියක් ලබා ගත හැකි ආකාරය පෙන්නුම් කරන බව ඇය පැවසුවාය.
එක්සත් ජනපද-ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලයේ වාර්ෂික සමුළුව අමතමින් ජැනට් යෙලන් පැවසුවේ, සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පීඩාව සාර්ව ආර්ථික වර්ධනයට සහ ස්ථාවරත්වයට තවදුරටත් අවදානමක් ඇති කරන බවයි.
“කාලෝචිත සහ විස්තීර්ණ ණය විසඳුම්” ලබා දීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බව ඇය ප්‍රකාශ කළ අතර ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට සහය දැක්වීම සම්බන්ධයෙන් ද ඇය මෙහිදී ඉන්දියාවට ප්‍රශංසා කළාය.
දේශගුණික විපර්යාස, වසංගත, අස්ථාවරත්වය සහ ගැටුම් වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු පරිණාමය කිරීමට ඉන්දියාව සහ එක්සත් ජනපදය සාමූහික උත්සාහයන් ගෙන ඇති බව ඇය පැවසුවාය.
යෙලන් පැවසුවේ ඉන්දියාවේ ඇමරිකානු ව්‍යාපාර සඳහා සහාය වීමට තමා බලාපොරොත්තු වන බවයි.
ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජනපදය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව යෙලන් සඳහන් කළාය.
2022 දී ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 190 ඉක්මවූ බවත් මෙම ශක්තිමත් හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා බයිඩන් පරිපාලනය අවශ්‍ය ශක්තිම් පියවරයන් ගෙන ඇති බවද ඇය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles