Friday, April 19, 2024

කාර්යාල සේවා සඳහා දුම්රිය ධාවනය කෙරේ…

දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇත.

ඒ අනුව අද උදෑසන කාර්යාල හා මගී ප්‍රවාහන දුම්රියන් කිහිපයක් රඹුක්කන, මහනුවර, ගණේවත්ත, බෙලිඅත්ත, ගාල්ල, හලාවත, අවිස්සාවේල්ල සිට ධාවනය වෙයි.

මෙම සියළු දුම්රිය ද්විත්ව බලවේග කට්ටලවලින් සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ මගී ජනතාවගේ  ආරක්ෂාව තහවුරු කරමින් දිවයින තුළ මහජන සාමය පවත්වාගෙන යාමටත් කඩාකප්පල් ක්‍රියා වැලැක්වීමටත් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් පියවර ගනු ලැබේ.

ඒ අනුව කොට්ඨාශ භාර නිලධාරීන් විසින් තම කොට්ඨාශ  බල ප්‍රදේශය තුළ, සෑම දුම්රිය ස්ථානයක් ම ආවරණය වන පරිදි ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම සහ ප්‍රධාන දුම්රිය ස්ථාන වලට වගකිවයුතු පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියෙකු සමග නිලධාරී කණ්ඩායම් යෙදවීම සිදු කළ යුතු බවත්, සේවයට වාර්තා කරන දුම්රිය සේවකයන් රාජකාරි වාර්තා කිරීම, රාජකාරි යෙදී සිටීම සහ රාජකාරියෙන් බැහැරව වන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත්, දුම්රිය ධාවනය වන අවස්ථාවේදී එයට බාධා කිරීම සඳහා ගල් ගැසීම හෝ වෙනත් කඩාකප්පල් ක්‍රියා සිදුවීම වැළැක්වීම සඳහා සුදුසු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහාත් පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න විසින් නියෝග ලබාදී ඇත.

මෙම වැඩපිළිවෙළ අද මධ්‍යම රාත්‍රියේ සිට සියළු ප්‍රදේශ ආවරණය කරමින් ක්‍රියාත්මක කෙරේ.

මුහුදුබඩ මාර්ගය:

  • අංක 8097 පෙ.ව. 04.15 බෙලිඅත්ත – මරදාන (සාගරිකා සීඝ්‍රගාමී)
    (දකුණු කළුතර සිට මන්දගාමී)
  • අංක 8320 පෙ.ව. 05.00 ගාල්ල – මරදාන (මන්දගාමී)
  • අංක 8324 පෙ.ව. 06.00 අළුත්ගම – මරදාන (මන්දගාමී)
  • අංක 8326 පෙ.ව. 07.00 දකුණු කළුතර – මරදාන (මන්දගාමී)

පුත්තලම මාර්ගය:

  • අංක 3803 පෙ.ව.04.50 හලාවත – කොළඹ කොටුව (මන්දගාමී)
  • අංක 3801 පෙ.ව.05.50 හලාවත – කොළඹ කොටුව (මන්දගාමී)

කැලණිවැලි මාර්ගය:

  • දුම්රිය අංක 9646 පෙ.ව. 05.00 අවිස්සාවේල්ල – කොළඹ කොටුව
  • දුම්රිය අංක 9649 පෙ.ව. 05.45 අවිස්සාවේල්ල – කොළඹ කොටුව

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles