Thursday, April 25, 2024

චීන සමාගමකින් ඩොලර් බිලියන දෙකක්!

චීන රජය සතු ප්‍රධාන සමාගමක් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 02 ක ආයෝජනයක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

චයිනා මර්චන්ට්ස් ගෲප් (CMG) සමාගම විසින් කොළඹ වරායේ විශාල සේවා සැපයුම් මධ්‍යස්ථාන සංකීර්ණයක ආයෝජනය කිරීමට කටයුතු කරනු ලබන අතර එහි ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 392 ක් ලෙස ගණන් බලා ඇත.

පසුගිය වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග විදෙස් ණය ගෙවීමේ කටයුතු පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රධාන විදේශ ආයෝජනය ලෙසයි මෙය සලකනු ලබන්නේ.

සේවා සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මගින් චයිනා මර්චන්ට්ස් ගෲප් මගින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 2 කට වැඩි ප්‍රමාණයකට ගෙන යනු ඇති අතර එය ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට ලැබෙන විශාලතම විදේශ ආයෝජනය බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

දකුණු ආසියාවේ විශාලතම සැපයුම් මධ්‍යස්ථානය ලෙස මෙම ව්‍යාපෘතිය 2025 වර්ෂය අවසානය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මිට අමතරව චයිනා මර්චන්ට්ස් ගෲප් සමාගම විසින් හම්බන්තොට වරාය සංකීර්ණය ද කළමනාකරණය කරනු ලැබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles