Saturday, July 27, 2024

නොරොච්චෝලේ නොරොක් වෙයි!

නොරොච්චෝලේ තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩක හීටර් පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම හේතුවෙන් ජනන යන්ත්‍රය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

බලාගාරයේ කාර්ය මණ්ඩලය මෙම බිඳවැටීම යථාතත්ත්වයට පත්කිරීම සදහා අවශ්‍ය මුලික කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

තවද මෙම බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර ඇති අතර, මේ වනවිට එහි පරීක්ෂණ ධාවන කටයුතු සිදුකරන ලැබේ.

ඒ අනුව මෙම තෙවන ජනන යන්ත්‍රය ඉතා ඉක්මනින් විදුලිය නිෂ්පාදනය සඳහා යොමුකිරීමට හැකි බව ද එම නිවේදනයේ සඳහන්ය.

මේ හේතුවෙන් විදුලිබල සැපයුමට බාධාවක් නොවන අතර, මෙම නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය සිදුකරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන බව ද නිවේදනයේ දැක්වේ.

Related Articles

Latest Articles