Saturday, May 18, 2024

අපගේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මතයි දැන් හොඳින්ම පැහැදිලියි – ඇමති නාමල්

‘අපගේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මත බව දැන් අපට හොඳින්ම පැහැදිලියි. කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය නිසාල ඩිජිටල්කරණයේ අසීමිත හැකියාවන් හොඳින් වටහා ගැනීමට අපට හැකියාව ලැබුණා’ යයි තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  පැවසීය.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (People’s Leasing & Finance PLC) ‘PLC Touch’ නමින් ත්‍රයිභාෂික ජංගම යෙදුම (Mobile app)  හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින් කොළඹ ෂැංග්‍රිලා (Shangri-La) හෝටලයේ දී  ඔහු මේ බව පැවසීය.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින, මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. ශ්‍රී ලංකාවේ මෙම වර්ගයේ යෙදුමකට මුල්ම වරට ඇතුළත් වන රක්ෂණාවරණ සබැඳි විශේෂාංග රැසක් ඇතුළුව සුවිශේෂී අංග රාශියක් ‘PLC Touch’ යෙදුමට ඇතුළත් වේ.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ඉතුරුම් ගිණුමකට අමතරව වෙනත් ඕනෑම බැංකුවක ඇති ඕනෑම ඉතුරුම් ගිණුමක් ‘PLC Touch’ යෙදුමට ඇතූලත්කර ගැනීම (mapping) මඟින් එම ඕනෑම ගිණුමක් ඔස්සේ QR කේත ක්‍රමය පදනම් කරගත් ගෙවීම්, උපයෝගීතා බිල්පත් (utility bills) ගෙවීම් සහ එම ඕනෑම බැංකු ගිණුමක් භාවිතයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ණය හා ලීසිං සම්බන්ධ ගෙවීම් සිදුකිරීම වැනි සේවාවන් රාශියක් PLC Touch App ඔස්සේ ලබාගත හැකි වේ.

එමෙන්ම මෙමගින් ලිපිලේඛන කටයුතු වලට කාලය වැයකිරීමෙන් තොරව විනාඩි ගණනක් තුළ නව රක්ෂණයක් ලබාගත හැකි අතර, ‘Call & Go’ ක්‍රමවේදය මගින් රථවාහන රක්ෂණ වලට අදාළ හිමිකම් මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියද සරල කරයි.

බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ නවෝත්පාදන පුරෝගාමියෙකු වශයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ‘Self-e-Cash’ සේවාවක් හඳුන්වා දීම සඳහා මීට පෙර කටයුතු කළේ ය. මෙහිදී පාරිභෝගිකයන්ට තම ස්ථාවර තැන්පතු ඇපයට තබා ක්ෂණික ණයක් ලබාගත හැකි අතර, අදාළ මුදල ATM යන්ත්‍රයකින් ලබාගත හැකි වේ.

මෙම සේවාව දැන් PLC Touch App ඔස්සේද ලබාගත හැකි අතර, QR හා බිල්පත් ගෙවීමේ සේවාවන් සහ ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම ඇතුළු තවත් සේවාවන් රැසක්ද මීට ඇතුළත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles