අභියෝගාත්මක චරිත කරන්න මම ආසයි- ඒ වගේම ගැමි චරිත වලටත් මම ආසයි

0
465

පුංචි තිරයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. විවිධ චරිත හරහා හැමෝගෙම ආදරේ දිනාගත් ඇය මේ වනවිට ජනප්‍රිය තරුවක් ඉතින් මේ ජනප්‍රියත්වය පිලිබඳ ඇය කියන්නේමේ වගේ කතාවක් ”අනේ එහෙම කියන්න මට තේරෙන්නේ නෑ. හැබැයි පාරකදී මාව දැක්කම ගොඩක් අය ලඟට ඇවිත් ටෙලිනාට්‍යවල මම රඟපාන චරිත වල නම කියලා කතා කරනවා සමහර අය වාහනේ නතරකරලා ඇවිත් කතා කරනවා” කියලයි. ඉතින් දම් මේ වනවිට හැමෝම අතර ජනප්‍රිය වෙලා ඉන්න අනුරාධා කළා ලොවට පිවිසුන ආකාරය පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි. ” මට වයස අවුරුදු 13දී මම සිරස නාලිකාවේ වැඩසටහන් කිහිපයක් කළා. හැබැයි ඒ කාලේ මගේ තාත්තා ඒකට කැමති වුනේ නෑ ඉතින් මම එකෙන් අයින් වුනා. ඊට පස්සේ මට වුරුදු 23දී නැවත මම කලාවට පිවිසුනා” කියලයි.

බොහොමයක් රංගන ශිල්පිනියන්ට රංගනයේ සීමා තියෙනවා අනුරාධාටත් ඒ වගේ සීමා තියෙනවද ? ”ඔව්. මම හැමදාම ආස කලේ, ආදරේ කලේ ටෙලිනාට්‍ය වලව. හැබැයි සමහර චරිත මට කරන්න අමාරුයි ඉතින් මම ඒ වගේ ඒවා බාරගන්නේ නෑ. හැබැයි අභියෝගාත්මක චරිත කරන්න මම ආසයි. ඒ වගේම ගැමි චරිත වලටත් මම ආසයි. එහෙමයි කියලා මම රංගනය වෙනුවෙන් කොටට අඳින්නේ නෑ. මට ගැලපෙනවා කියලා හිතෙන විලාසිතා විතරයි මම කරන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here