අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 70 ක විශාල ජයක් ලද ශ්රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරග වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම සුපුරි කණ්ඩායම් 12 දෙනා අතර තරග වටයට සුදුසුකම් ලැබීමට ඊයේ (20 වැනිදා) සමත්විය.
ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18 කුත් පන්දු 3 කදී ලකුණු 101 කට සීමා කර ශ්රී ලංකා කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට මුලින්ම සුදුසුකම් ලබා ගත්තේය. ශ්රී ලංකාවට තවත් නෙදර්ලන්තයට එරෙහි තරගය තිබුණද තරග 2 ක් ජය ගැනීම මත කිසිදු කරදයකින් තොරව අවසන් 12 දෙනා අතර තරග වටයට ස්ථානය වෙන්විය.
පන්දු යැවීමේදී යළිත් සාර්ථ කවුණු මහීෂ් තීක්ෂණ වැඩිම කඩුලු ලාභියා වූයේ පන්දුවාර 4 දී ලකුණු 17 ක් පමණක් ලබාදී කඩුලු 3 ක් දවා ගැනීමෙනි. ළහිරු කුමාර ලකුණු 22 කට කඩුලු 2 ක් ද වනිඳු හසරංග ලකුණු 12 කට එක් කඩුල්ලක් වශයෙන් සිය පන්දුවාර 4 නිමා කළහ. ඉනිමේ අවසන් පිතිකරුවා දවාගත් චාමික ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තේය.
ශ්රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය ඔක්තෝබර් 22 වැනිදා සාජා ක්රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.