Tuesday, May 7, 2024

තහනම ඉවතට… තරංග Open කරයි… මයියා පිටියට එයි…!

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම නුදුරු දිනකදී ඉවත් කරන බව එම කවුන්සිලය ප්‍රකාශ කළේ යැයි  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.

ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය

ශම්මි සිල්වාට එරෙහිව ඇති සෑම   චෝදනාවක්ම  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව නව තේරීම් කමිටුවක් පත්කරන බවය.

ඒ් අතර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර ඇති බව වාර්තා වෙයි.

එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර්ව පත්කර ඇත.

මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාය.

Related Articles

Latest Articles