Sunday, September 22, 2024

අයර්ලන්තය ලෝක කුසලානයෙන් ඉවතට

2021 ICC T20 ලෝක කුසලානයේ Round 1 හි Group B යටතේ ක්‍රීඩා කළ අයර්ලන්තය ඔවුන් මුහුණදුන් තරග තුනෙන් දෙකක්ම පරාජයට පත් වීමත් සමඟ මෙවර T20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු විය.

මේ සමඟ ඔවුන් 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා පවත්වනු ලබන Global Qualifier තරගාවලියට ස්වයංක්‍රීයව සුදුසුකම් ලැබීමටද සමත් විය.

ඒ අනුව 2022 ICC T20 ලෝක කුසලාන තරගාවලියේ Global Qualifier තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 16 සඳහා,

  1. පැපුවා නිව් ගිනියාව 🇵🇬
  2. නෙදර්ලන්තය 🇳🇱
  3. ඕමානය 🇴🇲
  4. අයර්ලන්තය 🇮🇪
  5. එක්සත් අරාබි එමීර් රාජ්‍යය 🇵🇸️
  6. නේපාලය 🇳🇵️
  7. සිම්බාබ්වේ 🇿🇼
  8. සිංගප්පූරුව 🇸🇬
  9. පිලිපීනය 🇵🇭️
  10. හොංකොං 🇭🇰
  11. ජර්සි 🇯🇪
  12. ජර්මනිය 🇩🇪

යන රටවල් 12 මේ වන විට සුදුසුකම් ලබා ඇති අතර තවත් රටවල් 4 ක් සුදුසුකම් ලැබීමට නියමිතව ඇත.

© FM & TV Sri Lanka

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles