අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93 කින් සමිමත වෙයි

0
328

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 153ක් සහ විපක්ෂව ඡන්ද 60ක් ලැබුණි.

මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් වුණේ විපක්ෂ මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් 2022 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබියදී ඔවුන්ගේ දේශපාලන පක්ෂවල අනෙක් මන්ත්‍රීවරුන් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබීමයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුෆීක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර අනෙක් මන්ත්‍රීවරුන් තිදෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා.

ACMC හි රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා හැර සෙසු මන්ත්‍රීවරුන් තිදෙනාම පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here