අයෝජන දොර ඇරීම සම්පත් විකිණීමක් නොවේ

0
355

රටේ ආර්ථිකය සංවර්ධන කිරීමට නම් විදේශ ආයෝජකයන් පැමිණිය යුතු බවත් එසේ පැමිණෙන ආයෝජකයන් සමග රජය ඒකාබද්ධව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම යනු රටේ සම්පත් විකිණීමක් නොවන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

හම්බන්තොට වරාය එක්වරක් නොව දෙවරක් 99 අවුරුදු බදු දීමේදී නිහඬව බලා සිටි අය වර්තමාන රජය සිදුකරන සංවර්ධන වැඩසටහනට නැති රකුසකු මවාපාමින් සිටින බව ද කීවේය.

ඒ අනුව කෙරවලපිටිය එල්. එන්. ජී. විදුලි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට බදු දීම රාජ්‍ය දේපළ විකිණීමක් ලෙස පැවසීම කිසිසේත්ම පිළිගත නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here