Monday, May 20, 2024

විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට විකිණීමේ තීන්දුවට එරෙහිව අධිකරණයට යනවා – ජවිපෙ

කෙරවලපිටිය විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමක් වෙත විකිණීමේ රජයේ තීන්දුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරීමට තීරණය කර ඇත.

මේ වන විට එම පක්ෂයේ නීතිඥයන් විසින් එහි නීතිමය කරුණු අධ්‍යයනය කරමින් පවතින අතර ඉදිරියේ දී එම නඩුව පැවරීමට නියමිතය.

එසේම කෙලවරපිටිය විදුලි බලාගාරය ඇතුළු දේශීය සම්පත් විදේශීය රාජ්‍යයන් වෙත ලබා දීම ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත බවත් ඊට එරෙහිව රටපුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සහ වැඩවර්ජන මාලාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ කියයි.

මෙම කටයුතු සඳහා පක්ෂ විපක්ෂ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රැසකගේ සහාය ලබා ගැනීමට ද නියමිතය.

දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles