මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු තිදෙනකු කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත් ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොවිඩ් මර්ධන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.
මේ අතර සංචරණ සීමා පණවා එක් ප්‍රභේදයක් පාලනය කළත් තවත් අලුත් ප්‍රභේද වරින් වර මතුවිය හැකි බවත්, පවතින තත්වය තේරුම් ගෙන ජනතාව කොවිඩ්ස මග ජීවත්වීමට හුරු පුරුදු විය යුතු බවයි ඇය සඳහන් කළේ.
අද ලෝකයේ බොහෝ රටවල් ලොක්ඩවුන් තත්වයට නොයන බවත්, චෝදනා කිරීමෙන් වැළකී කොවිඩ් පරාජය කිරීමට සියලු දෙනා එක් විය යුතු බවද පැවැසුවා.
මේ පවතින්නේ චෝදනා කර කර ඉඳීමට කාලයක් නොවන බවත් විශාල අර්බුදයක් තිබෙන අවස්ථාවක සමහරු ෂර්ලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලීම වැරදි බවයි ඇය පැවසුවේ.
එන්නත්වලට ලොකු ඉල්ලුමක් ඇතිවී ඇති වී තිබෙන හෙයින් සමහර ස්ථානවල ලොකු තදබදයක් පවතින බවත්, එවැනි ස්ථානවල ජනතාව සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපැදිය යුතු බවද සඳහන් කළා.
පශ්චාත් කොවිඩ් රෝගී තත්වයන් සම්බන්ධ තොරතුරු සායනික වෛද්‍යවරුන් ලබාදිය යුතු බවද, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවා. (colombotimes.lk)