Sunday, May 19, 2024

ආණ්ඩුවේ කොරෝනා බෝ කිරීමේ වැඩපිළිවෙලක් ගැන ආනන්ද සාගර හිමියන් හෙළි කරයි

ආණ්ඩුව මිනිස්සු මැරීමේ කොන්ත්‍රාත්තුවක් සිදු කරනවාද යන ගැටලුව පැන නගින බව පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

මේ වන විට නව ප්‍රභේදය ආසාදිතයෙක් ලංකාවෙන් හමුවී ඇති බවත් සම්පුර්ණයෙන්ම මෙයට වගකිව යුත්තේ උදයංග වීරතුංග මහතා බවත් උන්වහන්සේ සඳහන් කරනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ආණ්ඩුව මිනිස්සු මැරීමේ කොන්ත්‍රාත්තුවක් කරනවද කියා හිතෙනවා. මිනිස්සුන්ට ගෙවල් ඇතුළේ ඉන්න බයයි. හරි විධිමත් විමර්ශනයක් ආණ්ඩුවෙන් කරනවා වෙනුවට ගෑස් ගේන එක නවත්තලා. කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ තීන්දු තමයි ක්‍රියාත්මක වෙන්නේ. හෙට දවස ගෑස් පෝලිම හැදෙනවා. ඊට පස්සේ ගෑස් ඉල්ලලා මිනිස්සු උද්ඝෝෂණය කරන්න පටන් ගන්නවා. සංයුතිය වෙනස් නම් ඒක වුණේ කොහොම ද ඊට අදාළ සංයුතිය තියෙන තොග විතරක් අවසන් කරලා ගෑස් ගෙනල්ලා මිනිස්සුන්ට ලබා දිය යුතුයි. මේ කරන්නේ ඒක නෙමේ මිනිස්සු කෑ ගහනකොට අරහේ පුපුරලා මෙහෙම පුපුරලා කියනකොට මිනිස්සුන්ගෙන් පලිගන්න ගෑස් නවත්වනවා. කොරෝනා එකට කළෙත් එහෙමයි. මිනිස්සු දහස් ගානක් මැරෙනකං රට වැහුවේ නැහැ. භූමදානය කරන්න ඉඩ මදි වෙනකොට තමයි ඔන්න සංචරණ සීමා දැම්මෙ. දැන් විවිධ ප්‍රභේද මතුවෙලා. එහෙම තියෙද්දිත් හෙමින් හෙමින් තමයි ලෝකයේ රටවල් සංචාරකයන්ට විවෘත කරල තියෙන්නෙ. උදයංගලාට ඒවා අදාල නෑ. උදයංග යුක්රේන් වලින් ගේනවා. රුසියාවෙන් ගේනවා කියනවා. අප්‍රිකාවෙන් ගේනවා කියනවා. දැන් තව ප්‍රභේදයක් ඇවිල්ලා. අලුත් ප්‍රභේද තිබිලා මිනිස්සු මැරුනොත් උදයංග ද වගකියන්නේ. මේ මරණවලට වග කියන්නේ උදයංගද? එයා ලස්සනට රටින් පැනලා යයි. මේ ආණ්ඩුව ජනතාව මැරීමට කොන්ත්‍රාත් අරගෙන තියෙනවා දැයි සැකයි. දැන උගත් අය මේ සියල්ලට විරෝධතාවක් කළ යුතුයි. මෙච්චර මේ රටේ මිනිස්සු මැරෙනවා ගෑස් ටැංකි පුපුරනවා. දත්ත විකෘතියක් කරනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles