ආණ්ඩුවේ සුළු පක්‍ෂවලට තම මතය කියන්න අයිතිය තිබෙනවා – අගමැති

0
513

ආණ්ඩුව සමඟ සිටින සුළු පක්‍ෂවලට තම මතය ප‍්‍රකාශ කිරීමේ අයිතියක් ඇති බවත් එබැවින් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කිසිම අදහසක් නැති බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (19 ) පැවසීය

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කිහිපයකින් සැදුම්ලත් බැවින් එහි සිටින පක්‍ෂවලට සිය මතය ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස ඇති බව පැවසූ අග‍්‍රාමාත්‍යවරයා එසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නැති පක්‍ෂවල දේශපාලනඥයන්ට මෙය නුහුරු යැයි ද කීවේය.

ආණ්ඩුවක් තුළ වාද විවාද මෙන්ම විවේචන ද තිබිය යුතු බවත් එසේ නොමැතිව එක් මතයක් එක් තීරණයක් ඔස්සේ ගමන් කළහොත් එවැනි සන්ධානවලට වැඩි කලක් දේශපාලනය තුළ රැඳී සිටිය නොහැකි බවත් පැවසූ අග‍්‍රාමාත්‍යවරයා එනිසා එම සුළු පක්‍ෂවලට ද අවශ්‍ය ආණ්ඩුවෙන් ඉවත්වීම නොව ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් නිවැරදි මග ගමන් කිරීමට බව ද කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here