ආර්ථික අර්බුදය ජයගැනීමට IMF සහාය විතරක් මදි

0
278

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පමණක් ප්‍රමාණවත් නොවන බව එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෙසේවෙතත්, එම අරමුදලේ සහාය ලබාගැනීමට ප්‍රමාද වී හෝ ආණ්ඩුව පියවර ගැනීම ගැන තමා සතුටුවන බව සමාජ මාධ්‍ය හරහා තරුණයන් දැනුවත් කිරීමට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පමණක් ප්‍රමාණවත් නොවේ.

එම අරමුදල හරහා වෙනත් රටවල සහාය ලබාගත හැකි පදනමක් ද සකස් කරගත යුතු බව හිටපු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here