Saturday, April 27, 2024

ජනතාව ඉන්නේ වේදනාවෙන් – රොෂාන් රණසිංහ සමාව අයදියි

ජනතාව ආණ්ඩුව කෙරෙහි අන්තයටම කළකිරි ඇති බැවින් මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව හේදි යන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අමාත්‍යවරයා එසේ පැවසුයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ලොතරැයි මණ්ඩල අලෙවිකරුවන් සඳහා ගිරිතලේ හෝටලයකදී පැවැති සුහද හමුවකට සහභාගි වෙමිනි.

“අද පාරිභෝගිකයාට බඩු මිල වැඩියි. සිමෙන්ති වලින් හාඩ්වෙයාර් මුදලාලිලා අසීමිත ලෙස ජනතාව ගසා කනවා. ගෑස් වල හිඟකමට වඩා ගෑස් හංගලා කළු කඩ කාරයෝ අසීමිත ලෙස මුදල් උපයනවා. මේකට අවුරුදු 70 ක පාලනය තුල අවුරුදු 18 ක 20 ක පාලනය හැර ඉතුරු කාලය තුළ ගන්නා ලද තීන්දු තීරණ බලපෑව. 1948 සිට 1977 දක්වා ඩොලරයකට ගෙව්වේ රුපියල් 7 යි. ජේ.ආර්.ජයවර්ධන මහතා පිටරටින් බඩු ගේන එක ආරම්භ කරපු දින සිට අපේ ආර්ථිකය කඩා වැටුණා. අපි සියලු දෙනා සැමදෙයකටම දේශපාලනඥයින්ට අත දිග හරිනවාට වඩා තමාගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමට කටයුතු කර යුතුයි. කොවිඩ් හැදිලා එන්නත ලබා දුන්නා. ආර්ථික වශයෙන් වැටිලා සිටින විට රුපියල් 5000 දීමනාව ලබා දුන්නා. ඉතා හොඳින් අපි අණ්ඩුව කළමණාකරණය කරගෙන ආවත් යම් තැනන අපිට වැරදිලා තියෙනවා. අපි එම වැරැද්ද හදා ගත යුතුයි. මෙයින් වාසි ලබා ගැනීමට මේ රට අවුරුදු 05 කට විනාශයට ඇද දමන ලද විපක්ෂය අද උත්සහ දරනවා. 2015 සිට 2019 දක්වා ණය ප්‍රමාණය රුපියල් බිලියන 7000 ක සිට රුපියල් බිලියන14000 ක දක්වා වැඩිකිරීම, මහ බැංකු මංකොල්ලය, පාස්කු ප්‍රහාරය යන මේ සියල්ලම අද මේ තත්ත්වයට හේතු වුණා. නායකයින් තොරතුරු ලබා දෙනවිට සත්‍ය තොරතුරු ජනතාවට ලබා දිය යුතුයි. අපි සත්‍ය තත්ත්වය කීමට පැකිළෙන්නෙ නැහැ.”

තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියෙි කණකර උකස් කර අසීමිත දුකක් විදිමින් රුපියල් 30 000ට පොහොර මිටිය කලුකඩෙන් ගෙනවිත් අමාරුවෙන් වගා කළ ගොවි ජනතාව ඇතුළු ගෑස් පෝලිම්වල තෙල් පෝලිම්වල ආදී පෝලිම්වල දුක් විදින කට්ට කන ජනතාවගෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් බොරු වපුරා මහින්ද ගෙදර යැව් පරිද්දෙන් මේ ආණ්ඩුව ද ගෙදර යවන්න හදන කුමන්ත්‍රණවලට හසු නොවන බවත්ය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොළොන්නරුව හිගුරක්ගොඩ හා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට බලපත්‍ර 1000ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට (20) පොළොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ දී සහභාගී වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles