ඇමති කාර්යාලයේ කුලිය ලක්ෂ 450…!

0
893
අලූතින්ම බිහි කරන ලද අමාත්‍යාංශයක ඇමතිවරයෙකු  විසින් වසරකට රුපියල් කෝටි හතරහමාරක් ගෙවමින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ස්ථානයක් ලබා ගැනීමට සූදානමක් පවතී.

 

මෙම ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පළමු වතාවට වන අතර ඔහුට බාර අමාත්‍යංශයේ එතරම් ආදායමක්ද නැත. ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැනි ස්ථානයක අමාත්‍යංශයක් පවත්වාගෙන යාමට මේ කාර්යාල කුලියට අමතරව තවත් විශාල මුදලක් වැය වන බව දැනටමත් දැනගන්නට ලැබේ.

 

එවන් තත්වයක් යටතේ මෙවන් වියදමක් දරමින් ඇමති කාර්යාලයක් නඩත්තු කරන්නේ මන්දැයි ඇමතිවරුන් ගණනවක් ප‍්‍රශ්න කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here