Tuesday, May 14, 2024

මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ මුදල් කොල්ලයක්! අලුත් නියෝගයකුත් දෙයි..

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු මැණික් අධිකාරියේ මුදල් ගසාකෑම ආරම්භකර තිබේ.

මැණික් අධිකාරියේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා වන්නේ එන්.පී.එන්. එම්. වික්‍රමසිංහ මහතාය. ඔහු සේවයට පැමිණ මාස හයක කාලය තුළ චීනයේ තුන්වරක් සංචාරය කර ඇත. රට සවාරි සඳහා වියදම් පියවාගෙන ඇත්තේ මැණික් අධිකාරියේ ගිණුම් අංශයෙනි.

මීට අමතරව නව අධ්‍යක්ෂ ජනරාල් වික්‍රමසිංහට ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා එක් ලක්ෂ පනස් දෙදහසක මුදලක් ලබාගෙන ඇත්තේ ද මැණික් අධිකාරියෙනි. පවුලේ අයෙකුගේ සැත්කමක් සඳහා යැයි කියමින් රුපියල් අසූපන්දහසක මුදලක් ද ඔහු  විසින් ලබාගෙන ඇත. මැණික් ප්‍රවර්ධනයට යයි සඳහන් කරමින් අධිකාරියේ ඉහළම නලධාරීන් රට සවාරිවල නිරතවන අතර ඉකුත් මාස හයට රුපියල් කෝටිය ඉක්මවූ මුදලක් අධිකාරියෙන් වියදම් කර ඇත.

12226573_1033438286679523_179832679_n

මහජන මුදල් මෙලෙස ගසා කෑම සඳහා නව අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් අධිකාරියේ ගිණුම් අංශයට විශේෂ නියෝගයක් නිකුත්කර තිඹේ ඉන් අවධාරණය කර ඇත්තේ මින් ඉදිරියට ගිණුම් අංශය වෙත වවුචර්පත් භාරදීමේ දී ලිපිගොනු ඉදිරිපත් කිරීම අනවශහ් බවයි. අදාළ වවුචර් පත පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්  බවද එහි වැඩිදුරටත් දක්වා.

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles