ඇමති රිෂාඩ්ගෙන් තවත් මාධ්‍ය සංදර්ශනයක්!

0
986

නොවැම්බර් මස 20 වැනි දින සිට ක්‍රියාත්මකවන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ 06 වෙනුවෙන් උපරිම මිලක් නියම කල බවට පුරසාරම් දොඩමින් කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මාධ්‍ය සංදර්ශන පැවැත්වූවත් තවමත් ඒ පිළිබඳ තමන් දැනුවත් කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා වාර්තාකර ඇත.

මේ පිළිබඳ විශේෂ මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් අදහස් දක්වා ඇති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ මෙවැනි භාණ්ඩ මිල සම්බන්ධයෙන් උපරිම මිලක් නියම කිරීමේදී අදාල ක්‍රමවේදය වන්නේ විෂයභාර අමාත්‍යවරයා විසින් අදාල නියෝගය සකස්කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කිරීමයි.

නමුත් ඇමති රිෂාඩ්ගේ අලුත්ම බඩුමිල පාලන ක්‍රමවේදය අදාල සම්මත ක්‍රිියාපටිපාටිය අනුගමනය කර නොමැතිවීමෙන් එය න එය හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක්බව මනාව පෙන්වා ඇත.

පසුගිය දිනක පාරිභෝගික හිමිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ ආපනාශාලා හිමියන්ගේ සංගමය එක්ව “බඩුමිල මාරයි – කාලා හමාරයි“ යන තේමාවෙන් පැවති මාධ්‍ය හමුවෙන් පසු කලබල වූ අමාත්‍යවරයා මෙසේ හීනේන බියවී මෙන් දෙන නියෝග නීතිබවට පත් නොවන බවද එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා සහ ඇමතිවරයා අතර සීතල යුද්ධයද මේ නිසාවෙන් තවත් වර්ධනය වී ඇති අතර විල්පත්තුවේ ඉඩම් බෙදූ ආකාරයට පාරිභෝගික ගැටළු සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඇමතිවරයාට දන්වා සිටී.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here