Sunday, May 19, 2024

“දතා“ගේ කතාවෙන් කැබිනට් රැස්වීම ගැටුම් මැද නිමවේ..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීම කාලගෝට්ටි මැද උණුසුම් විදියට අවසන් වන්නේ පසුගිය දිනවල රටපුරාම ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් ගණනක් හේතුවෙන්ය.

විශේෂයෙන්ම රාජිත සේනාරත්න ඇමතිවරයාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ටෙලි‍කොම් මෑන්පවර් සේවකයන්ගේ ප්‍රශ්නයට මැදිහත්වීම සම්බන්ධයෙන් දැඩි උණුසුම් කතාබහක් පැන නැගුනා හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මින් පෙර ජනපතිවරයාට සහ අගමැතිට මේ ගැන පැමිණිලිකරලා තිබුණ නිසා කැබිනට් රැස්වීමෙදිත් මේ කතාව මතුවෙන්න හේතුවක් වුණා.

බොහෝ දෙනෙක් ඊට විරුද්ධව දැඩි ලෙස අදහස් දැක්වූ නිසා අන්තිමට ජනාධිපතිතුමා චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා නියෝග කලා.

ඒ වගේම ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය පදනම් කරගෙන රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියේ අනෙකුත් ඇමතිවරුන්ට චෝදනා කරමින් කටයුතු කරද්දි තමන්ටත් පෙරලා ඇවන්ට් ගාර්ඩ් සමාගමෙන් කප්පම් ඉල්ලලා ලැබුණු ප්‍රමාණය මදි නිසා චෝදනා එල්ල කරනවා කියලා පහර එල්ල වෙද්දි එයින් ගැලවෙන්න මාධ්‍ය වෙත නිකුත් කරපු හඬපට නිසා රාජිත අැමතිවරයාම ඇවන්ට් ගාර්ඩ් සමාගමෙන් මුදල් ලබාගත්තා කියන චෝදනාව නැවත එල්ලවුනා. ඒ ගැන කැබිනට් රැස්වීමේදි දැඩි විදිහට කතාවුණා.

ඒ අතරේ ඇමතිවරු කීපදෙනෙක්ම කෑගැහුවේ “මේ දතා ගම කනවා“..“දතා එක්ක බෑ“ යනුවෙන්. ඒ නිසාම රාජිත ඇමතිවරයා සහ එම ඇමතිවරු එක්ක ආරවුල කාලගෝට්ටියක් දක්වා ඉදිරියට ගියා.

ජනාධිපතිවරයාට මෙම ගැටුම් බේරන්නට බැරි තැනට පත්වෙද්දි ඔහු ප්‍රකාශ කර සිටියේ අනවශ්‍ය ගැටුම් නිසා කැබිනට් රැස්වීමේ වටිනා කාලය විනාශ කරන බවයි.  කෙසේ වූවත් අවසානයේ කැබිනට් රැස්වීම පවත්වාගෙන යා නොහැකි තැනට පත්වූයේ එවැනි ප්‍රශ්න ගණනාවක්ම ගැටුම් බවට පත්වෙද්දීය.

ඒ නිසාවෙන් ඇවන්ට් ගාර්ඩ් සහ රාජිතගේ ප්‍රශ්නය තවත් දුරදිග යනබව පැහැදිලිවම පෙනේනනට ඇත.

 

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles