Sunday, May 19, 2024

විද්‍යාත්මක ප්‍රකාශන මහ ඉහලින් ඇගයේ..

ජාතික පර්යේෂණ සභාව, විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය හා ජනාධිපති කාර්යාලය එක්ව සංවිධාන කළ විද්‍යාත්මක ප‍්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප‍්‍රදානය කිරීමේ උළෙල ඊයේ (18) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 

 

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මෙරට විද්‍යාත්මක පර්යේෂණ කටයුතු වෙනුවෙන් වාර්ෂිකව වෙන්කරන මුදල ඉහළ නංවා භෞතික සහ මානව සම්පත් පුළුල් කිරීමට අළුත් ආණ්ඩුව ක්‍රියාකරන බව ප්‍රකාශ කර සිටියේය. ආණ්ඩුව රට තුළ සිදුකරන නව පරිවර්ථන වලදී උගතුන්ගේ බුද්ධිමතුන්ගේ මෙන්ම විද්‍යාඥයින්ගේ සහාය රජයට අවශ්‍ය බවත් රට වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට ඔවුන් නොපැකිළව ඉදිරිපත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

තාක්ෂණය කෙතරම් දියුණු වුවද ඇතැම් ප්‍රශ්න සහ ගැටළුවලට ඒ මගින් විසඳුම් සොයාගැනීම දුෂ්කර බවත් රටේ සංවර්ධනය වෙනුවෙන් විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය විසින් ඉදිරි පස් වසර සඳහා පස් අවුරුදු වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදි. ඒ ඔස්සේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හැකිවන බවත් පර්යේෂණ කටයුතු වෙනුවෙන් තම අමාත්‍යාංශයෙන් දිය හැකි පූර්ණ සහය ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

 

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආර්. විජියලඩ්චුමී, ජාතික පර්යේෂණ සභාවේ සභාපති ජනක ඩී සිල්වා ඇතුළු  මහත්ම මහත්මීන් ද අමාත්‍යාංශයේ සහ ජාතික පර්යේෂණ සභාවේ විද්වතුන් රැසක් සහභාගී වූහ.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles