Saturday, May 18, 2024

සෞඛ්‍ය අමාත්‍යංශයේ ටෙන්ඩර් මගඩි හෙළිවෙයි!

ඖෂධ බහලුම් කවර කෝටි තිහක්‌ මිලදී ගැනීම සඳහා කැඳවූ ටෙන්ඩරයට තම හිතවතෙකුට අයෑදුම් කිරීමට නොහැකි වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියකු විසින් එකී ටෙන්ඩරය අවලංගු කර නැවතත් ටෙන්ඩර් කැඳවීමක්‌ සිදු කිරීමට තීරණය කර ඇත.

අවලංගු කිරීමට තීරණය කර ඇති ටෙන්ඩරය පුවත්පත් දැන්වීම් මගින් කැඳවා ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය. මෙම ඖෂධ බහාලුම් කවර කෝටි තිහක ප්‍රමාණය සඳහා ප්‍රසම්පාදන කමිටුව විසින් තීරණය කර ඇති උපරිම මුදල රුපියල් කෝටි තිහකි. එහෙත් එම මිලට වඩා අඩුවෙන් එනම් රුපියල් දොළොස්‌කෝටි හැත්තෑලක්‍ෂයක මිලකට එම බහාලුම් කවර සැපයීමට අයෑදුම්පතක්‌ ලැබී තිබේ. එහෙත් ඉහත නිලධාරියා මේ සඳහා රුපියල් කෝටි විසිපහක මුදලක්‌ වැය වන බවට සටහන් කරමින් එකී ටෙන්ඩරය අවලංගු වන ආකාරයට කටයුතු කරමින් තවත් අලුත් ටෙන්ඩරයක්‌ කැඳවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ “දිවයින”ට කීවේය.

යළි ටෙන්ඩර් කැඳවීමක්‌ කරන්නේ නම් නැවත පුවත්පත් දැන්වීම් ඔස්‌සේ අයෑදුම් කැඳවිය යුතු බව ද ඒ සඳහා තවත් මාස තුනකට අධික කාලයක්‌ ගත වනු ඇතැයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.

මේ නිසා ප්‍රධාන රෝහල්වල ඖෂධ බහලුම් කවර හිඟයක්‌ පවතින බව ද මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතුළු නිලධාරීන් සිදු කරන ටෙන්ඩර් මගඩිවල තවත් එක්‌ පියවරක්‌ පමණක්‌ යෑයි ද ඉහත ප්‍රකාශකයා කීවේය.

මූලාශ්‍රය – The Independent

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles