Saturday, May 4, 2024

නිළ ඇඳුම් සහ පොහොර වවුචර් වලින් මහා පරිමාණ කප්පාදුවක්..!

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදෙන වවුචර් ක්‍රමය නිසා මහජනතාවට මෙතරම් කාලයක් ලැබී තිබූ සහන අමු අමුවේ කප්පාදු කරන තත්ත්වයකට පත්ව ඇත. මේ පිළිබඳ දැවැන්ත මහජන විරෝධයක් ගොඩනැගෙමින් තිබියදී අද සම්මුතිවාදී ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

විශේෂයෙන්ම නව වවුචර් ක්‍රමය මුලින්ම හඳුන්වාදී ඇත්තේ පාසල් දරුවන්ගේ නිළ ඇඳුම් වලට සහ ගොවියන්ගේ පොහොර සහනාධාරය වෙනුවෙන්ය.

ඒ අනුව පාසල් නිළ ඇඳුම් කට්ටලයකට රුපියල් 400ක පමණ වවුචරයකුත්, පොහොර සහනාධාරය බිම් හෙක්ටයාරයකට රුපියල් 25000 කුත් ලෙස ලබාදීමට මේ ක්‍රමය හරහා රජය අපේක්ෂා කරයි.

පාසල් දරුවෙක්ට අද රුපියල් 400 කින් ඇඳුම් කට්ටලයක් සඳහා අවශ්‍ය රෙදි ලබාගත හැකිද යන්න අද වෙළඳපොල ගැන දැනුමක් ඇති පොඩි දරුවෙක්ට පවා අවබෝධ වෙන කරුණකි. රුපියල් 400ක රෙදි කැබැල්ලකින් යන්තම් “අමුඩයක්“ ගසා ගැනීමට පමණක් සෑහෙනු ඇත. එය හරියටම පහුගිය ආණ්ඩුව සමයේ බන්දුල ගුණවර්ධන 2500න් පවුලකට මාසයක් ජීවත්විය හැකි බව කිව්වා වැනිය.

එසේම හෙක්ටරායකට රුපියල් 25000ක පොහොර සහනාධාර වවුචරය තුලින් වාසි ලැබෙන්නේ මහා පරිමාණ ගොවියන්ට මිස බහුතරයක් වූ සුළු ගොවීන්ට නොවේය. එබැවින් මෙම රජය මෙම වවුචර ක්‍රමය හරහා මහා පරිමාණ කප්පාදුවකට මග පාදන පව පෙනෙන්ට ඇත.

දයා නෙත්තසිංහ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles