Saturday, May 4, 2024

ඇමතිවරු දෙන්නෙක් වලි පිට වලි

එකම අමාත්‍යංශයක කැබිනට් ඇමති කෙනෙක් වෙන පුත්තලම පැත්තේ කෙනෙක් සහ රාජ්‍ය ඇමති වෙන කළුතර පැත්තේ කෙනෙක් වලි පිට වලි කියලා CIA එකට වාර්තා වුණා.

මේ වලිය පටන් ගන්නේ මේ අමාත්‍යංශයේ ආයතනවල ලොකු ලොකු තනතුරු මේ රාජ්‍ය ඇමතිතුමා තමන්ගේ හිතවතුන් පුදන්න පටන්ගන්න තැන ඉඳන්මයි. පහුගිය ආණ්ඩුව කාලේ “ආයු රක්ඛන්තු ආවඩා” සින්දුව ලියපු පුද්ගලයට වගේම “කුරහන් සාටකය” පොත ලියපු පුද්ගලයටත් මේ අමාත්‍යංශයේ ලොකු තනතුරු දීලා කියලා කැබිනට් ඇමතිතුමාට හොඳටම මළ පැනලා.

ඒ විතරක් නෙවෙයි අවුරුදු 70 ට වැඩි පුද්ගලයන්ට තනතුරු නොදෙන්න කටයුතු හැදිලා තියෙද්දි මේ රාජ්‍ය ඇමතිතුමා ඒකත් උල්ලංඝනය කරලා තනතුරු දීලා.

මේක ඉවසගන්න බැරිම තැන කැබිනට් ඇමතිතුමා මේ ගැන ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි කේලම කියලා ඇවිත්. කොහොමවුනත් ඒකෙන් පස්සේ තවත් තත්ත්වේ දරුණු වෙලා දෙන්නා ප්‍රසිද්ධියේ ගහබැනගන්න තරම් වැඩේ දුරදිග ගිහින්ලු

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles