Sunday, May 19, 2024

දුනේෂ් ප්‍රියශාන්තට පහරදීමට එරෙහිව නඩුව හෙට අධිකරණයට

කොටදෙණියාව සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරාදැමීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පහරදී අසත්‍ය කටඋත්තරයක් ලබාගැනීමට එරෙහිව දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් මාධ්‍ය විසින් හැඳින්වූ කොණ්ඩයා වෙනුවෙන් ගොනුකල මූලික අයිතිවාසිකම් නඩුව හෙට අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.

දුනේෂ් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ උඳුල් ප්‍රේමරත්න පවසා සිටියේ මෙම සිදුවීමේදී දුනේෂ් ප්‍රියශාන්තගේ මූලික අයිතිවාසිකම් බරපතල ලෙස කඩවී ඇති බවත්, ඒ වෙනුවෙන් අධිකරණයේ සාධාරණත්වය අපේක්ෂාකරන බවත්ය.

දුනේෂ් මෙන්ම තවත් පාසල් සිදුවෙක් සහ විවාහක පුද්ගලයෙක් කොටදෙණියාව සිදුවීමට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ද තමන්ට පහරදීම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට එලඹී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles