Sunday, May 19, 2024

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වටකර පහරදෙති!

පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමියෙන්ගේ අපවත්වීම සැක සහිත බව සති අන්තයේ පුවත්පත් විසින් ඇවිස්සීම පදනම් කරගෙන මේ වනවිට රටතුල නැවත වරක් සෝම හිමියන්ගේ අපවත්වීම හා සමානවම ආන්දෝලනයක් ඇතිකර බොරදියේ මාළු බෑමේ උත්සහයක් පවතින බව පෙනෙන්නට ඇත.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා විසින් මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට චෝදනා කරන ආකාරයෙන් සිදුකරන ලද ප්‍රකාශය හේතුවෙන් තම රෝහලේ කීර්තිනාමයට සිදුව ඇති හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමත් සමගම පාර්ශව ගණනාවක් නැවත මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට වටකර පහරදෙන්නට පටන්ගෙන ඇත.

විශේෂයෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශකර සිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සෝබිත හිමියන්ගේ අපවත්වීමට වගකිව යුතු බවයි. විශේෂයෙන්ම සෙන්ට්‍රල් රෝහලේ සිට ප්‍රතිකාර ලබා අවසන්ව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පිටව ගිය හිමියන් නෙවිල් ප්‍රනාන්දු රෝහලට යන්නේ බලකිරීමකින් බව සඳහන් කලහ.

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල හරහා පෞද්ගලික වෛද්‍ය උපාධිය හදාරන සිසුන්ට අවශ්‍ය පහසුකම් ලැබෙන නිසා අ.වි.ශි.බ එයට විරුද්ධව බොහෝ කල් සිට සටන් කිරීමත්, වර්තමනාය වනවිට මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ප්‍රකාශය ඇතුළු සෝබිත හිමියන්ගේ අපවත්වීම සැකසහිත බව සඳහන් කරන කරුණු එකතු කර නෙවිල් ප්‍රනාන්දු රෝහලට පහරදෙන අවිඅායුද බවට පත්කරගෙන ඇත.

කෙසේ වෙතත් තවමත් හෙලි නොවූ කාරණා මත එකී රෝහලට එරෙහිව පාර්ශව ගණනාවක් වටකර පහරදීම තුලින් සෝබිත හිමියන්ගේ අපවත්වීම සැකයක් නම් එය හෙළිකරගැනීමට කටයුතු කරනවා වෙනුවට වෙන වෙන කෝන්තර පිරිමසාගන්නා තත්ත්වයකට අද වනවිට අදාල පාර්ශව පත්ව ඇත.

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles