Monday, June 3, 2024

ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයා අැප මත නිදහස්

නීති විරෝධි ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ළග තබා ගැනිම සහ ප්‍රවාහනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් මාස දහයක පමන කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයා ගාල්ල මහාධිකරණයෙන් නියම කරන ලද ඇප කොන්දේසි මත මුදා හරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.

ඒ අනුව රුපියල් පනස් ලක්ෂයක මුදල් ඇපයක් මත සැකකාර කපිතාන්වරයා මුදා හැරිමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සතියකට දින තුනක් ගාල්ල පොලිසියට වාර්තා කරන ලෙසද නියෝග කළ බව වාර්තාෙව්.

ඊට අමතරව සැකකරු විදේශගතවිම වලක්වමින් ආගමන විගමන පාලකවරයාට සහ දිවයිනේ සියලුම අනුමත වරායවල කාර්යභාර නිලධාරින්ටත් දන්වා යවන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු ගාල්ල දිසාවෙන් බැහැරව යන්නේ නම් ඒ සදහා අධිකරණයේ අවසරය ලබා ගත යුතු බවත් නියෝග කළේය.

නීති විරෝධි ගිනිඅවි සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී 2015 ඔක්තෝබර් මස 13 වන දින ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ඇවන්ගාඩ් නැව ගාල්ල මුහුදු සිමාවේදී අත්අඩංගුවට ගෙන වැඩි දුර පරික්ෂණ සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදි තිබුණි.

ඒ අනුව අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරික්ෂණවලදී හෙලිවු තොරතුරු මත ඇවන්ගාඩ් නැවේ තිබී ටී 56 ගිනිඅවි 549ක් 84 එස් ගිනිඅවි 264 ක් උණ්ඩ 204604 ක් එල් එම් ජී වර්ගයේ ගිනිඅවි 2 ක් සොයා ගෙන තිබුණු අතර තව දුරටත් පරික්ෂණ පැවැත්වීමෙන් පසුව ඇවන්ගාඩ් නැවේ කපිතාන්වරයා 2016 ජුනි මස 23 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඊටපසු පසුගිය මාර්තු මාසයේදී සැකකාර කපිතාන්වරයාවන යුක්රේන ජාතික ජෙනලි ගාව්ලෝව් නැමැත්තා ගාල්ල මහාධිකරණය වෙත ඇප අයදුම් පතක් ඉදිරිපත් කරමින් මාස නවයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි නිසාත් තමාගේ හෘද රෝගි තත්වයත් සලකා බලා ඇප නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ඇප අයදුම් පත සලකා බැලූ ගාල්ල මහාධිකරණ විනිසුරුවරයා සැකකරු රුපියල් ලක්ෂ පහලොවක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ සියයක් බැගින්වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිමටත් සෑම ඉරිදා දිනයකම කොළඹ අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසත් නියම කළේය.

සැකකරු වෙනුවෙන් ශරිර ඇප අත්සන් කරන ඇපකරුවන් දෙදෙනා සැකකරුගේ සේවා යෝජකයින්වන සිලෝන් ෂිපින් සමාගමේ සහ ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු විය යුතු බවත් ඔවුන්ට ලක්ෂ සියයකට වඩා වැඩි වත්කම් ඇති බවට තක්සේරු වාර්තා ඉදිරිපත් කළ යුතු බවටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝගකර තිබුණි.

ඒහෙත් තමාට ඇප අත්සන් කිරිමට ශ්‍රි ලංකාවේ කිසිවෙකු නොමැති බවට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් තමාගේ ඇප කොන්දේසී ලිහිල් කරන ලෙසට සැකකාර පෙත්සම්කරු පසුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අධිකරණය විසින් ඇප කොන්දේසි ලිහිල් කරමින් ශරීර ඇප දෙක ඉවත් කොට රුපියල් ලක්ෂ පහළොවේ මුදල් ඇපය රුපියල් ලක්ෂ පනහ දක්වා වැඩි කොට සතියට දින තුනක් ගාල්ල පොලිසියට වාර්තා කරන ලෙසද සැකකාර කපිතාන්වරයාට නියෝග කරන ලදි.

අනිත් ඇප කොන්දේසී ඒ ආකාරයටම ක්‍රියාත්මක විය යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

එම කොන්දේසී අනුව මහේස්ත්‍රාත්වරයා මෙසේ ඇප නියම කොට මේ පිළිබද වැඩිදුර නඩු විභාගය මැයි මස 25 වන දිනට කල් තැබිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles