ඇෆ්ගනිස්තානයේ පාලනයට අලුත් මුහුණු 25ක්.

0
332

ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් එරට කැබිනට් මණ්ඩලය සදහා නව සාමාජිකයන් 25 දෙනෙකු ඇතුළත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම පිරිසට කටාර්හි පිහිටි තලේබාන් නියෝජිත කාර්යාලයේ පිරිසක් සහ විවිධ පළාත් නියෝජිතයන් පිරිසක් ඇතුළත් වන බවයි.

කෙසේවෙතත්, මෙම පිරිස අතරට ද සුළු වාර්ගිකයන් හෝ කාන්තාවන් ඇතුළත් නොවන බව සදහන් වේ.

තලේබාන් පාලනයේ කැබිනට් මණ්ඩලය විවිධත්වය සහ සියළු පාර්ශව නියෝජනය වන ලෙස සකස් විය යුතු බවට පසුගිය කාලසීමාව පුරා අන්තර්ජාතික ප්‍රජාවෙන් දැඩි බලපෑම් එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here