ඉතාලියත් ශ්‍රී ලංකාවට දොර වසයි

0
659

බ්‍රහස්පතින්දා (29) දින සිට ඉතාලියට ඇතුල් වීමේදී බලපවත්වන නීති දැඩි කිරීම හේතුවෙන් යුරෝපීය රටවල සංචාරකයින් වෙනුවෙන් පනවා ඇති කොවිඩ්-19 සංචරණ සීමා දින 15 ක් දක්වා දීර්ඝ කර ඇති බව ඒරට සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය අනාවරණය කර සිටී.

ඒසේම ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයින්ට ඉතාලියට ඇතුළුවීම තහනම් කර ඇති බව මෙහිදී වැඩිදුරටත් සඳහන් වේ. මීට අමතරව කලාපයේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි යන බිය හේතුවෙන් රජය දැනටමත් ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් පැමිණෙන පුද්ගලයින්ට ඒරටට ඇතුළු වීම තහනම් කර තිබේ.

වෙනත් යුරෝපීය රටවලින් ඉතාලියට ඇතුළු වන පුද්ගලයින්ට දින පහක නිරෝධායන කාලයක් හා පැමිණීමට පෙර සහ හුදකලා කාලය අවසානයේදී ‌PCR පරීක්ෂණ කිරීම අනිවාර්යය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here