Monday, January 13, 2025

ඉන්දික දිසානායක හා චතුරංග ලක්මාල් ලක්මව රනින් සරසයි

සිංගප්පූරුවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් හිමිකර දෙන්නට ඉන්දික දිසානායක සහ චතුරංග ලක්මාල් ජයසූරිය අද සමත් වුණා.

කිලෝ ග්‍රැම් 73 බර පන්තියට එක්වුණු ඉන්දික දිසානායක ස්නැච් ඉසව්වෙන් කිලෝ 128 ක දක්ෂතාවක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ඉසව්වේ දී කිලෝ 150 ක දක්ෂතාවක් සමගින් සමස්ත තරඟයේ දී වාර්තා කළේ කිලෝ 278ක හැකියාවක්.

චතුරංග ලක්මාල් රන් පදක්කම හිමිකරගත්තේ කිලෝග්‍රෑම් 67 ඉසව්වෙන්.

සුදේශ් පීරිස් තම ඉසව්වේදී ස්නැච් ක්‍රමයට කිලෝ 118 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ 151 ලෙස සමස්ථ තරඟයේ දී කිලෝ 269 ක දක්ෂතාවක් පෙන්වමින් ශ්‍රී ලංකාව ට රිදී පදක්කමක් දිනා දෙන්නටයි සමත් වුණේ.

තරගාවලිය ආරම්භ වුණු ඊයේ දිනයේ දී කාන්තා කිලෝග්‍රෑම් 49 ඉසව්වෙන් රන් පදක්කම හිමිකර ගන්නට ශ්‍රීමාලි සමරකෝන් සමත් වෙද්දී, කිලෝග්‍රෑම් 55 පිරිමි ඉසව්වට එක් වුණු ඩිලංක ඉසුරු කුමාර ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දුන්නා.

මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උ‌ලෙළ සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් කඩයිමක් ලෙස පැවත්වෙන සිංගප්පුරු විවෘත බර ඉසිලීමේ තරගාවලියේ චතුරංග ලක්මාල් පිරිමි කිලෝග්‍රෑම් 67 ට අඩු බර පන්තියේ සහ පිරිමි කිලෝග්‍රෑම් 73 ට අඩු බර පන්තියේ ඉන්දික චතුරංග දිසානායක රන් පදක්කම දිනා ගෙන තිබේ. කාන්තා කිලෝග්‍රෑම් 49 ට අඩු බර පංතියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රීමාලි සමරකෝන් සමත්ව තිබේ. ‌‌මේ අතර දිලංක ඉසුරු කුමාර පිරිමි කිලෝග්‍රෑම් 55ට අඩු බර පංතියෙන් තරග කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබේ. පිරිමි සහ කාන්තා බර ඉසිලීමේ තරගාවලිය ට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10 දෙනෙකු තරග වදිති.

ඉසුරු කුමාර (55 ට අඩු බර), චතුරංග ලක්මාල් (67 ට අඩු බර), මධුරංග විජේසිංහ (67 ට අඩු බර), ඉන්දික චතුරංග දිසානායක (73 ට අඩු බර), ඇන්ටන් සුදේශ් පීරිස් (73 ට අඩු බර), සමන් අබේවික‍්‍රම (109 ට අඩු බර) ශානක පීටර්ස් (109 ට අඩු බර), උෂාන් චාරුක (109 ට වැඩි බර), හංසනී ගෝමස් (49 ට අඩු බර) සහ ශ‍්‍රීමාලී සමරකෝන් (49 ට අඩු බර) එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.
ජුලි මස 28 සිට අගෝස්තු මස 08 දක්වා එංගලන්තයේ බර්මින්හැම් නගරයේ දී මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උලේළ පැවැත්වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles