Sunday, April 28, 2024

ඉන්දියන් බිත්තර දිගටම ගේනවා… කුකුළුමසුත් ගේනවා – මහින්ද

බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුලත පාලනය කිරීමට පියවර නොගතහොත් රජය ඊට  මුහුණදීම සඳහා පියවර දෙකක් ගන්නා බව කෘෂිකර්ම සහ වැවිදි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 

ඒ අනුව වහා ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනකට අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට රජයේ අවධානය  යොමු වී ඇති අතර බිත්තර සඳහා  පාලන මිලක් පැනවීමට ද පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය යටතේ පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට දේශීය වෙළෙදපොලේ කුකුළු මස් හා බිත්තර මිල ඉහල යාම සාධාරණීකරණය කළ හැකි කිසිදු හේතුවක් කුකුළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

බිත්තරයක් සදහා වැය වන නිෂ්පාදන වියදම රුපියල් 20ක් පමණ වන බව බිත්තර නිෂ්පාදන කර්මාන්තකරුවන් පවසා ඇතැයි කී අමාත්‍යවරයා එහෙත් මේ වනවිට වෙළෙඳපළේ බිත්තරයක මිල  රුපියල් 65 දක්වා ඉහළ දමා ඇතැයි කීය.

කුකුළු මස් හා බිත්තර මිල ඉහළ දැමීම කෘත්‍රිමව සිදු කළ එකක් බව සඳහන් කළ අමාත්‍යවරයා එම නිෂ්පාදනවලින් යුතු ලෙස පාරිභෝගිකයා  ගසා කෑමට මෙම ව්‍යාපාරිකයින්ට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් අවධාරණය කළේය.

Related Articles

Latest Articles