උතුරින් හමන සීත සුළං ප්‍රවාහ සමඟ ‘මැන්ඩවුස්’

0
863

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “මැන්ඩවූස්” චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට ද වැසි ඇතිවිය හැකියි. උතුරු පළාතට ද අද තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඒලෙසම උතුරින් හමන සීත සුළං ප්‍රවාහයන් නිසා ඊයේ සහ අද දිනයේ ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක කිහිපයකින් පහළ යාහැකි බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here