Friday, May 17, 2024

“උන් ගැහුවා, අපි හැදුවා බංකර්“ – මහින්ද

ජිනීවා යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුව තුලදී අදහස් දැක්වීමට නොපැමිණීම නිසා අභයාරාමයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් හරහා සිය ස්ථාවරය ප්‍රකාශ කිරීම අරමුණු කරගෙන මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඉන් පිටවයන අවස්ථාවේ මාධ්‍යෙව්දීන් කොළඹ ජනපති මැදුරේ යටිබිම්ගත සුඛෝපභෝගී මාලිගාව පිළිබඳ නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්හ.

“ඒ දවස්වල කොළඹට කොටි ගුවන් ප්‍රහාර කරද්දි තමයි මේක හැදුවේ..මේක මගේ තනි කැමැත්තට හදපු එකක් නෙවෙයි..මම ගෙදර ගෙනියන්න හදපු ඒවා නෙවෙයිනේ..එහෙමනම් මෙතන හදන්නේ නෑනේ..හදිසි රැස්වීම් පවා මෙතැන පැවැත්වුනා..අද කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑ, ඒ දවස්වල මෙහෙම එකක් හදමු කියලා යෝජනා කලෙත් මම නෙවෙයි..“MR_Under_Ground_Palace4

මාධ්‍යෙවේදීන් දිගින් දිගටම එහි නාස්තිය සහ ජනතාවට හෙළි නොවූ කරුණු පිළිබඳ විමසා සිටීමේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

“ඔව් බංකර් හැදුවා තමයි..අපි ගහද්දි උන් බංකර් හැදුවා ආරක්ෂාවට..උන් ඇවිත් ගහද්දි අපි හැදුවා..ඇයි මොකද?..“ යනුවෙන්ය.

කෙසේ වෙතත් මාධ්‍ය මගින් මෙම සැප මන්දිරයේ ඡායාරූප ජනතාව වෙත ඉදිරිපත් කල අතර අනාවරණය වී ඇති කරුණු අනුව මෙහි විදුලි බිල පමණක් මසකට ලක්ෂ තිහක් පමණ වූ බවයි.

 

(ඡයාරූප – ලංකා ඊ නිවුස් ) 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles