Sunday, May 19, 2024

උසාවියේ දුරකතනය නාදවූ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල්ට නඩු

ජනාධිපති නීතීඥ සහ හිටපු සොලිස්ටර් ජනරාල් රියන්සි අර්ශකුලරත්න ට එරෙහිව අධිකරණයට බාධා කිරීමට යටතේ චෝදනා ගොනුකරන ලෙස ගාල්ල මහාධිකරණයේ විනිසුරු හිරිඹුරේගම අද පොලීසියට නියෝග නිකුතකර ඇත. 

ලංකා ඉතිහාසයේ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙකුට එරෙහිව මෙසේ චෝදනා ගොනුවූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය නම් කලහැක.

රියන්සි අර්ශකුලරත්න මහතා අද (30) ගාල්ල මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා සහභාගීවෙමින් සිටි අතරතුර සිය ජංගම දුරකතනය නාදවුණ අතර. සාමාන්‍ය පුරවැසියෙකුගේ දුරකතනය එලෙස නාදවූ වහාම ක්‍රියාත්මක වන පරිද්දෙන්ම ගාල්ල මහාධිකරණ විනිසුරුවරයා එය උසාවියේ කටයුතු වලට බාධාවක් ලෙස අධිිකරණ සංවිධාන පනතේ 18 වැනි වගන්තිය අනුව හඳුන්වා නීතීඥ අර්ශකුලරත්නට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස පොලීසියට නියෝග ලබාදුනි.

සාමාන්‍ය පුරවැසියෙකුට වර්තමානය වන විට අධිිකරණය තුලට දුරකතන රැගෙනයා නොහැකි අතර නීතීඥයන්ගේ කාර්යයන්හි පහසුව තකා එම අවසර ලබාදී ඇත. එවන් වටපිටාවක හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් අතින් මෙවන් වරදක් සිදුවීම ඉතා බරපතල තත්ත්වයකි.

කෙසේ වෙතත් මේ මොහොතේ පොලීසිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇතිකරගත් අර්ශකුලරත්න මහතා පවසා ඇත්තේ තමන් මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවයි.

නමුත් මෙය අධිකරණයේ කටයුතු වලට සිදුකරන ලද බාධාවක් සහ උසාවියට සිදුකරන ලද නිගරුවක් සේ සලකා නීතිමය පියවර ගැනීමට සූදානම්ව ඇත.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles