එංගලන්තය පරාජයට පත් කරමින් පළමුවරට නවසීලන්තය T20 අවසන් තරගයට සුදුසුකම් ලබයි

0
708

T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැති තරගය කඩුලු 5කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

එංගලන්ත කණ්ඩායම නියමිත පන්වාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 166 ක් රැස් කළේය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් මිලන් ලකුණු 41ක් රැස්කළ අතර මොයින් අලි නොදැවී ලකුණු 51ක් රැස් කළේය.

නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19ක් තුළ ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවිය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ඩෙවොන් කොන්වේ ලකුණු 46ක් රැස් කළ අතර ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 73ක් රැස් කළේය.ජිමී නීශමි නොදැවී ලකුණු 27 ක් රැස් කළේය.

නවසීලන්ත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබූ පලමු අවස්ථාව මෙය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here