Sunday, May 19, 2024

එංගලන්තය සමඟ පැවැති තෙවනි තරඟය විසදුමකින් තොරව අවසන්…

ලංකාව හා එංගලන්තය අතර තුන් වැනි එක්දින තරඟ ඊයේ පැවැත්වුණා. බ්‍රිස්ටල් ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරඟේ කාසියේ වාසිය නැවතත් දිනා ගත්තේ එංගලන්ත නායකයායි. ඔහු, පළමුව පන්ඳුවට පහර දීමට ලංකා කණ්ඩායමට ආරධනා කළා.

මේ අනුව පිටියට පිවිසි ලංකා කණ්ඩායම නියමිත පන්ඳු වාර 50න අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 248ක් රැස් කළා. චන්දිමාල් ලකුණු 62 හා නායක මැතිව්ස් ලකුණු 56ක් රැස් කළා. පන්ඳු යැවීමේදී වෝකස් හා ප්ලන්කට් කඩුලු 3න බැඟින් ලබා ගත්තා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට තම ඉණිම අවසන් කිරීමට අවස්තාව අහිමි වුණා. ඒ, බ්‍රිස්ටල් පිටියට වැටුණු වර්ෂාව නිසායි. ඉණිම අත්හිටුවන විට එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස් කර සිටියා. ඒ අනුව එංගලන්තය තවමත් 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණේ සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles